2. ලෝභ-ද්වේශ-මෝහ.
(රත්‌තොඛො ආවුසො, රාගෙන
අභිභූතො පරියාදින්‌න චිත්‌තො, අත්‌තබ්‍යාබාධායපි චෙතෙති,
පරබ්‍යාබාධායපි.., උභයබ්‍යාබාධා යපි..,
චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. රාගෙ පහීනෙ, නෙවත්‌තබ්‍යාබාධායපි චෙතෙති,
න පරබ්‍යාබාධායපි.., න උභයබ්‍යාබාධායපි..,
න චෙතසිකං දුක්‌ඛං දොමනස්‌සං... රත්‌තො ඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, කායෙන දුච්‌චරිතං
චරති, වාචාය.., මනසා... රාගෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරිතං චරති, න
වාචාය.., න මනසා... රත්‌තො ඛො ආවුසො රාගෙන අභිභූතො
පරියාදින්‌න චිත්‌තො, අත්‌තත්‌ථම්‌පි යථාභූතං නප්‌පජානාති,
පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... රාගෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානාති, පරත්‌ථම්‌පි..,
උභයත්‌ථම්‌පි... රාගො ඛො ආවුසො, අන්‌ධකරණො,
අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤානිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බානසංවත්‌තනිකො. ඉදං
රාගෙ ආදීනවං දිස්‌වා රාගස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-
(1) ලෝභකම
හෙවත් රාගය නිසා සිදුවන කරදර.
ලෝභකම ඇතිවෙන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත-අයහපත තේරුම් ගැනීමට නොහැකිය. ලෝභකමෙන් ප්‍රඥාව
අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. ලෝභකම නිසා මානසික අසහනය හා
පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.
ලෝභකමෙන් කරන- කියන- හිතන දේවල්,
තමන්ටත් අනුන්ටත් කරදරවෙන අකුසල්ය. ලෝභකම නිසා, සතුන් මැරීම - සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල
දීම සිදුවේ. ඒ නිසා මෙලොවත් පරලොවත් දුෂණය- භීෂණය- වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට
සිදුවේ.
ලෝභකමෙන් කරන- කියන- හිතන දෙවල් වලින්,
දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රිය-මනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, ලෝභකම නිසා කරන-කියන-හිතන
දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා
වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.
ලෝභ වෙනකොට මනුස්සකම නැති වෙන බව ප්‍රායෝගිකව
තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘ලෝභ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්,
ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත
සත්වයෙක්ය. ලෝභ වීමෙන්, ත්‍යාගවන්ත සුගති සත්වයන් ඇති නොවේ. ලෝභ වීමෙන් ඇති වෙන්නේ,
ලෝභ කමෙන් පෙළෙන දුගති සත්වයන්ය. ඒ නිසා ලෝභකම සිතේ ඇතිකර ගැනීම,
තියාගැනීම හා ලෝභකමෙන් කරන-කියන-හිතන සියල්ලම දුක්-විපාක ලැබෙන
බරපතල වරදකි.
(2) ලෝභකමෙන්
තොරවීම නිසා සිදුවන යහපත.
ලෝභකම ඇති නොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. ලෝභ නොවීමෙන්,
මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක්
ඇති නොවේ.
ලෝභ නොවී, කරන-
කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය.
ලෝභකම ඇති නොවන විට, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරුකීම
ආදී පාප කර්ම හෝ ඒවාට අනුබල දීම සිදු නොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය
සන්සිඳෙන අතර, සිතින් දුක්වීමට සිදු නොවේ.
ලෝභකමෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින් නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක්
හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප-නරක විපාකයක් නොලැබේ. නමුත්, ලෝභ කමෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්,
දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රියමනාපවූ, හොඳ විපාක ලැබේ.
ලෝභ නොවෙන කොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව
තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම ඇති කරන ‘ලෝභ-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති
වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. ලෝභ
නොවීමෙන්, ලෝභ සහගත දුගති සත්වයන් ඇති නොවේ. ලෝභ නොවීමෙන්
ඇති වෙන්නේ, ත්‍යාගවන්ත සුගති සත්වයන්ය. ඒනිසා ලෝභකම තමන් තුල උපදින කරදරයක්- සතුරෙක්-
වධකයෙක් බව හොඳින් තේරුම්ගෙන, ලෝභකම වෙනස් කරගෙන, ලෝභ කමෙන් තොරව ජීවත්වීම, නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.
(ලොභං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ
චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය) (ලෝභං භික්‌ඛවෙ, එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන ලොභෙන ලුද්‌ධාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති
දුග්‌ගතිං
තං ලොභං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං)
-ඉතිවුත්තක.ලොභසුත්‌තං-
-ඉතිවුත්තක.ලොභසුත්‌තං-
ලෝභකම ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම්
නොගෙන, ලෝභ කමෙන් වෙන් නොවී, ලෝභකම අත්නොහැර, ලෝභකම නිසා ඇති
වෙන දුක ඉවර කිරීමට නොහැක. ලෝභකම නිසා අපාගත වෙන සත්වයන්, ලෝභ කමෙන් සිදු වෙන කරදර පැහැදිලිව තේරුම්ගෙන, ලෝභකම විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන් නැවත මේ ලෝකයට නොඑන අනාගාමී
තත්වයට පත්වේ.
(3) ද්වේශය
හෙවත් දුෂ්ඨකම නිසා සිදුවන කරදර.
(දුට්‌ඨොඛො ආවුසො, දොසෙන
අභිභූතො පරියාදින්‌න චිත්‌තො අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි..,
උභයබ්‍යාබාධා යපි.., චෙතසිකම්‌පි දුක්‌ඛං
දොමනස්‌සං පටිසංවෙදෙති. දොසෙ පහීනෙ නෙවත්‌තබ්‍යාබාධායපි.., න පරබ්‍යාබාධායපි.., න උභය බ්‍යාබාධායපි..,
න චෙතසිකම්‌පි දුක්‌ඛං... දුට්‌ඨොඛො ආවුසො, දොසෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො කායෙන දුච්‌චරිතං චරති, වාචාය.., මනසා... දොසෙ
පහීනෙ නෙව කායෙන දුච්‌චරි තං චරති, න වාචාය.., න මනසා... දුට්‌ඨො ඛො ආවුසො, දොසෙ න අභිභූතො...
අත්‌තත්‌ථම්‌පි යථා භූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි ..,
උභයත්‌ථම්‌පි... දොසෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි
යථාභූතං පජානා ති, පරත්‌ථම්‌පි.., උභයත්ථම්පි... දොසො ඛො ආවුසො, අන්‌ධ කරණො, අචක්‌ඛුකරණො,
අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤා නිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බාන සංවත්‌තනිකො. ඉදං දොසෙ
ආදීනවං දිස්‌වා දොසස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-
ද්වේශය ඇතිවන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත- අයහපත තේරුම් ගැනීමට නොහැකිය. ද්වේශයෙන් ප්‍රඥාව
අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. ද්වේශය නිසා මානසික අසහනය හා
පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.
ද්වේශයෙන් කරන- කියන- හිතන දේවල්,
තමන්ටත් අනුන්ටත් කරදර වෙන අකුසල්ය. ද්වේශය නිසා, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරු කීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල
දීම සිදුවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට
සිදුවේ.
ද්වේශයෙන් කරන- කියන- හිතන දෙවල්
වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රිය මනාපවූ,
හොඳ විපාකයක් නොලැබේ. නමුත්, ද්වේශය
නිසා කරන-කියන-හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී
අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.
ද්වේශයෙන් දුෂ්ඨ වෙනකොට, මනුස්සකම
නැතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘දුෂ්ඨ-චේතනාවක්’
මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ
ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. දුෂ්ඨවීමෙන්, මිත්‍රශීලී
සුගති සත්වයන් ඇති නොවේ. දුෂ්ඨවීමෙන් ඇති වෙන්නේ, ද්වේශයෙන්
පෙළෙන දුගති සත්වයන්ය. ඒ නිසා ද්වේශය සිතේ ඇති කරගැනීම, තියාගැනීම
හා ද්වේශයෙන් කරන- කියන- හිතන සියල්ලම දුක්විපාක ලැබෙන බරපතල වරදකි.
(4) ද්වේශයෙන්
තොරවීම නිසා සිදුවන යහපත.
ද්වේශය සිතේ ඇතිනොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. දුෂ්ඨ නොවීමෙන්,
මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක්
ඇති නොවේ.
ද්වේශය ඇති නොවී කරන- කියන- හිතන
දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. ද්වේශය ඇති
නොවන විට, සතුන්මැරීම- සොරකම්- පරදාරකර්ම- බොරු කීම ආදී
පාප කර්ම හෝ ඒවාට අනුබල දීම සිදුනොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය
සන්සිඳෙන අතර, සිතින් දුක් වීමට සිදු නොවේ.
ද්වේශයෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත
යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප-නරක විපාකයක් නොලැබේ. නමුත්, ද්වේශ යෙන් තොරව, කරන-කියන-හිතන දෙවල් වලින්,
දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රිය මනාපවූ, හොඳ විපාක ලැබේ.
ද්වේශයෙන් දුෂ්ඨ-නොවෙනකොට, මනුස්සකම
ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාට මනුස්සකම ලබා දෙන ‘දුෂ්ඨ-නොවෙන
චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ,
මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. දුෂ්ඨ නොවීමෙන්, ද්වේශ සහගත දුගති
සත්වයන් ඇති නොවේ. දුෂ්ඨ නොවීමෙන් ඇති වෙන්නේ මිත්‍රශීලී සුගති සත්වයන්ය. ඒ නිසා,
ද්වේශය තමන් තුලම උපදින කරදරයක්, සතුරෙක්,
වධකයෙක් බව නිවැරදිව තේරුම් ගෙන, ද්වේශය
වෙනස් කරගෙන, ද්වේශයෙන් තොරව ජීවත්වීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.
(දොසං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ
චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය.)
(දොසං භික්‌ඛවෙ එකධම්‌මං පජහථ, අහං වො
පාටිභොගො අනාගාමිතාය)
(යෙන දොසෙන දුට්ඨාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති
දුග්‌ගතිං
තං දොසං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං)
-ඉතිවුත්තක.දොසසුත්‌තං-
ද්වේශය ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව
තේරුම් නොගෙන, ද්වේශයෙන් වෙන් නොවී, ද්වේශය අත් නොහැර, ද්වේශය නිසා ඇතිවෙන දුක ඉවර
කිරීමට නොහැක. ද්වේශය නිසා අපාගත වෙන සත්වයන්, ද්වේශය
නිසා සිදු වෙන කරදර පැහැදිලිව තේරුම්ගෙන, ද්වේශය විතරක්
සම්පුර්ණයෙන් අත්හැරීමෙන්, නැවත මේ ලෝකයට නොඑන අනාගාමී
තත්වයට පත්වේ.
(5) මෝහය
හෙවත් මෝඩකම නිසා සිදුවන කරදර.
(මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති,
චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. මොහෙ පහීනෙ නෙවත්‌ත බ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි.., න උභය බ්‍යාබාධායපි.., න චෙතසිකම්‌පි දුක්‌ඛං...
මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො
කායෙන දුච්‌චරිතං චරති, වාචාය දුච්‌චරිතං චරති, මනසා දුච්‌චරිතං චරති. මොහෙ පහීනෙ නෙව කායෙන
දුච්‌චරිතං චරති, න වාචාය.., න
මනසා... මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො... අත්‌තත්‌ථම්‌පි
යථාභූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... මොහෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං
පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි...
මොහො ඛො ආවුසො, අන්‌ධකරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤානිරොධිකො,
විඝාතපක්‌ඛිකො, අනිබ්‌බාන සංවත්‌තනිකො. ඉදං මොහෙ ආදීනවං දිස්‌වා මොහස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-
මෝහය ඇතිවෙන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත- අයහපත තේරුම් ගැනීමට නොහැකිය. මෝහයෙන් ප්‍රඥාව
අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. මුළාවීම නිසා මානසික අසහනය හා
පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.
මෝහයෙන් මුළාවී කරන-කියන-හිතන දේවල්,
තමන්ටත් අනුන්ටත් කරදර වෙන අකුසල්ය. මෝහය නිසා, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල
දීම සිදුවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට
සිදුවේ.
මෝහයෙන් මුළාවී, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස
සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රියමනාපවූ, හොඳ විපාකයක්
නොලැබේ. නමුත්, මෝහයෙන් මුළාවීම නිසා කරන- කියන- හිතන
දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා
වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.
මෝහයෙන් මුළා වෙනකොට, මනුස්සකම නැතිවෙන
බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘මෝහ-චේතනාවක්’ මැරෙන
මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත්
වඩා නරක අපාගත සත්වයෙක්ය. මෝහයෙන් මුළා වීමෙන්, ඤාණවන්ත සුගති
සත්වයන් ඇති නොවේ. මෝහයෙන් මුළා වීමෙන් ඇති වෙන්නේ, අඤ්ඤාණ
දුගති සත්වයන්ය. ඒ නිසා මෝහය සිතේ ඇතිකර ගැනීම, තියාගැනීම
හා මෝහයෙන් මුළාවී කරන- කියන- හිතන සියල්ලම දුක්විපාක ලැබෙන බරපතල වරදකි.
(6) මෝහයෙන්
තොරවීම නිසා සිදුවන යහපත.
මෝහය සිතේ ඇතිනොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. මෝහයෙන්
මුළා නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු
තැවිල්ලක් ඇති නොවේ.
මෝහයෙන් මුළා නොවී, කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර
නොවෙන කුසල්ය. මෝහය ඇති නොවන විට, සතුන් මැරීම- සොරකම්- පරදාර
කර්ම-බොරුකීම ආදී පාපකර්ම හෝ ඒවාට අනුබල දීම සිදු නොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-
භීෂණය- වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක්වීමට සිදු නොවේ.
මෝහයෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක්
හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප නරක විපාකයක් නොලැබේ. නමුත්, මෝහයෙන් තොරව, කරන-කියන-හිතන දෙවල් වලින්,
දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රියමනාපවූ, හොඳ විපාක ලැබේ.
මෝහයෙන් මුළා-නොවෙන කොට, මනුස්සකම
ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම ඇති කරන ‘මෝහයෙන්
මුළා-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට
උපදින්නේ, මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. මෝහයෙන් මුළා නොවීමෙන්, අඤ්ඤාණ දුගති සත්වයන් ඇති නොවේ. මෝහයෙන් මුළා නොවීමෙන් ඇති වෙන්නේ ඤාණවන්ත
සුගති සත්වයන්ය. ඒ නිසා, මෝහය තමන් තුලම උපදින කරදරයක්,
සතුරෙක්, වධකයෙක් බව නිවැරදිව තේරුම්ගෙන,
මෝහය වෙනස් කරගෙන, මෝහයෙන් තොරව
ජීවත්වීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.
(මොහං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ
චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය.)(මොහං භික්‌ඛවෙ, එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන මොහෙන මූළ්හාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති
දුග්‌ගතිං
තං මොහං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං)
-ඉතිවුත්තක.මොහසුත්‌තං-
-ඉතිවුත්තක.මොහසුත්‌තං-
No comments:
Post a Comment