Friday, April 10, 2020
"අලජ්ජිතායෙ ලජ්ජන්ති,
ලජ්ජිතායෙ න ලජ්ජරෙ,
මිච්ඡාදිට්ඨි සමාදානා,
සත්තා ගච්ඡන්ති දුග්ගතිං"
(ධම්මපදය, නිරය වග්ග)
ලැජ්ජා නොවිය යුත්තට ලැජ්ජා වන,
ලැජ්ජා විය යුත්තට ලැජ්ජා නොවන,
මිත්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වන,
සත්වයෝ යන්නෙ දුගතියටම,
බෞද්ධ ඉතිහාසය අනුව දඹදිව ක්ෂත්‍රිය වංශයට සම්බන්ධ විජයගෙන් සිංහල බෞද්ධයා පැවතෙන බව පැහැදිලිය. සිංහල බෞද්ධ ජාතියට එරෙහි පවුකාර මිසදුටුවන් මෙම සිංහල බෞද්ධ සම්භවය වරදවා ප්‍රචාරය කර දහම නූගත් සමාජය නොමග යවන බව පෙනී යයි.
(1.) මෙය සිංහල බෞද්ධ අධ්‍යාත්මය අඩපන කරන විජාතික කුමන්ත්‍රණයකි. මෙහි අරමුණ වන්නේ නූගත් බෞද්ධයන් ලවාම සිංහල බෞද්ධ ඉතිහාසය හා ධර්මය උපක්‍රමයෙන් විකෘති කර සිංහල බෞද්ධ ජාතියේ හරය ඇතුලතින් විනාශ කර පුහු නිවටයන් බවට පත් කිරීමයි. වර්තමානයේ බුදුදහම හා බෞද්ධ ඉතිහාසය නූගත් පිරිස දැනටමත් එවැනි පුහු නිවටයන් බවට පත්වී සමාජය දූෂණය කරති.
(2.) බොධිසත්වයන් වහන්සේ තම දේවිය හා ලදරු කුමාරයා අතහැර ගොස් පැවිදි විය. විජයගේ පියා සිංහබාහු සිංහයාට දාව ඉපදී සහෝදරිය සමග විවාහ විය. මිසදුටුවන්ගේ උපක්‍රමය මෙවැනි දේවල් වරදවා සමාජගත කර සිංහල බෞද්ධ සම්භවය විකෘති කිරීමයි. කලාතුරකින් මනුස්ස ලෝකයේ උපදින පවුකාර අන්ධබාලයන්ට මනුස්ස ලෝකය ගැන සාමාන්‍ය දැනුමක් නැති නිසා ඔවුන් මේවාට හසුවේ.
(3.) මෙහිදී තිරිසනෙකුට දාව මිනිසෙක් ඉපදීම අවමානයක් හෝ අමුතු දෙයක් නොවේ. බෝධිසත්වයන් වහන්සේ අලම්බුස ජාතකයේ මහාතාපස වරයෙක්ව සිටියදී උන්වහන්සේ මූත්‍රා කල තැන තිබුන තණකොල කාපු මුවදෙන බෝධිසත්වයන්ට දාව පුතෙක් බිහි කලාය. පසුව ඔහු ඉසිසිංග තාපස ලෙස ධ්‍යාන ලාභී උතුමෙක් විය.
(4.) සිංහයාගේ සම්බන්ධය ගරුත්වයක් මිසක අවමානයක් නොවේ. බුද්ධ දේසනාවේ සිංහයා බුදුන් වහන්සේට උපමා කරන අතර බුද්ධ දේසනාව සිංහ නාදයට උපමා කරයි. අංගුත්තර නිකායේ පඤ්චක නිපාත සීහ සූත්‍රය අනුව සිංහයා යනු බුදුන්වහන්සේට කියන අන්වර්ථ නාමයකි. බුදුන්වහන්සේ ලෝකයට ධර්ම දේසනා කරන්නේ සිංහයා දඩයමේ යන ආකාරයට බව එහි විස්තර කරන ලදි. අසමසම යයි කියන බුදුවරු පවා තමන්ව සමාන කරන සිංහයාගෙන් පැවතීම ගැන ලැජ්ජා වන්නේ ජර කැනහිලුන් වැන්නන් බව තේරුම්ගත යුතුය.
(5.) මෙලොව සත්වයන් අතර අකුණු ගහන විට නොසැලෙන්නේ රහතන් වහන්සේලා, සිංහයා, අජානීය හස්තියා සහ අජානීය අශ්වයාය. ඒ අනුව සිංහයා හෙණ ගැහුවත් නොසැලෙන්නෙක් ලෙස රහතන් වහන්සේලාගේ ලක්ෂණයක් දරන සතෙකි.
(6.) සියලු බුදුවරයන් වහන්සේලාගේ මහා පුරුෂ ලක්ෂණයක් වන "සීහපුබ්බද්ධකාය" හෙවත් උඩුකය සිංහයෙකුගේ මෙන් පිහිටීම මහා පුරුෂයන්ගේ පරාර්ථචර්යාව නිසා ලැබෙන උත්තම උදාර ලක්ෂණයකි. මේ අනුව සිංහයා බුදුවරුන්ට හා චක්කවත්ති රජවරුන්ට ආවේනික ලක්ෂණ ඇති ගාම්භීර සත්වයෙකි.
(7.) තවත් සිංහයාගේ ලක්ෂණයක් වන "සීහහනු" මහා පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ සසරේදී තමන්ගේ වචනය අර්ථවත්, වැදගත් හා කුසලමය ලෙස භාවිතා කිරීම නිසාය.
(8.) බුදුවරයන් වහන්සේලා සයනය කරන්නේද සිංහයා සයනය කරන ඉරියව්වෙන්ය. සාවකයන්ටත් සිංහ සෙය්‍යාවෙන් සයනය කරන ලෙස ධර්මය දේසනා කර ඇත.
(9.) බෝධිසත්වයන් වහන්සේ සුනඛයෙක් හා කපුටෙක් වෙලා උපන් ජාතක වල පවා මෙලොව පාලනය කල රජවරුන්ටත් ධර්ම දේසනා කර එම රාජ්‍ය වලින් පිදුම් ලබා ඇත. එ් නිසා බුදුදහම නොදැන සිංහයාගේ පරම්පරාවට ගරහන අන්ධබාලයන් තිරිසන් බලුකපුටන් තරම්වත් නොවටින නිවටයන් බව පැහැදිලිය.
(10.) ඊලඟට සිංහබාහු සිංහසීවලී අතර විවාහයට අවමන් කිරීමත් මිසදුටු උපක්‍රමයකි. බුදුන් වහන්සේ උපන් සාක්‍ය වංශය පැවතෙන්නේද ඔක්කාක රජතුමාගේ දරුවන් අතර එවැනි සහෝදර විවාහ වලින්ය. ඔවුන් එසේ කලේ තමන්ගේ ජාතිය වෙනත් අයට කවලම් නොකිරීමටය. බුදුන් වහන්සේගේම ඤාති වන නන්ද කුමාරයා විවාහ වීමට සිටියේද සහෝදරිය වන ජනපද කල්‍යාණි සමගය.
(11.) විජයාගමනයේ සම්භවයට ගරහන මිසදුටුවන් ඉදිරිපත් කරන විකල්පයක් වන්නේ බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනේදී හා විජයාගමනයේදී ලංකාවේ හිටපු බව කියන යක්කුන්ගෙන් සිංහලයා පැවතෙන බව ප්‍රචාරය කිරීමයි. විජයාගමනයට පෙර ලංකාවේ හිටපු යක්කුන් මිනිසු නොව අමනුසයන් බව සඳහන් කරන මහාවංසය මිසදුටුවන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා වියහැක.
(12.) මහාවංසයේ (1. මහියංගනාගමනය) විස්තර වන බුදුන්වහන්සේගේ මුල්ම ලංකාගමනයවත් නොපිලිගෙන ලංකාවේ බුදුසසුන පැහැදිලි කල නොහැකි නිසා මොවුන් මහාවංසය අනුව බුදුන්වහන්සේගේ ලංකාගමනය හා විජයාගමනය පිලිගනී. නමුත් එවක ලංකාවෙ සිටියේ මිනිසුන් නොව අමනුස්සයන් බව මහාවංසයේ පැහැදිලිව සඳහන්ය. මෙහිදී මහාවංසයත් විකෘති කර මිනීකන යක්කුන්ට ජාතිය පාවා දෙන්නන් කියන්නේ එම යක්කුන් මිනිස් ගෝත්‍ර බවයි. තව පැත්තකින් විජයාගමනයට පෙර ලංකාවේ සිටි කුවේනිය ඇතුලු අමනුස්සයන් දෙමල ජාතිකයන් බවටද ප්‍රචාරය කරන මෙම කුමන්ත්‍රණයෙන් දෙමල නිජබිම් සංකල්පය හරහා ත්‍රස්තවාදය පැතිරවීමටත් ඒ කතාවම යොදා ගෙන තිබේ. පසුගිය 80/ 90 දශක වලදී ත්‍රස්තවාදීන් සහ විජාතිකයන් විසින් "මිනීකන්නන්ගේ දේශය" නමින් ලංකාවේදී චිත්‍රපටයක් නිර්මාණය කර සිංහල බෞද්ධයන්ව ජාත්‍යන්තර අපකීර්තියට පත් කරන වෑයමක්ද වාර්තා විය.
(13.) මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවෙක් වන පංසල්හේනේ ධම්මාලංකාර (මීවනපලානේ) නැමති පල් හොරා තමන්ගේ නිගන්ට බුදුන් ලංකාවේම උපන් බවට අමූලික පච කියා මුලු බෞද්ධ ඉතිහාසයත් ධර්මයත් කනපිට හරවා එයට අහුවෙන මෝඩයන් මුලා කරයි. යක්කුන්ට ජාතිය පාවාදෙන මිසදුටුවන්ද එයට කැමතිය.
(14.) බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනයෙන් විස්තර වෙන්නේ බුදුන්වහන්සේ විසින් මහියංගනයේ රැස්වෙලා හිටපු යකුන් පිරිස ගිරිදීපයට පලවා හැරිය බවයි. මෙහිදී සියලු යකුන් පලවා හැරිය බව කියා නැති නිසා මහියංගනයට රැස්වුන පිරිසට අමතරව තවත් අමනුස්සයන් ඉතුරු වන්නට ඇති බවත්, ධර්ම දේසනා කිරීමට එවක මෙහි මිනිසුන් නොසිටි බව පැහැදිලිය.
(15.) බුද්ධ පරිනිර්වාණ දිනයේ විජය ලංකාවට පැමිණි බවත්, බුදුන්වහන්සේගේ දැනුම්දීම පරිදි සක්‍රයා විජය ඇතුලු පිරිස හමුවී ලංකාවේ මිනිසුන් නැති බව කියා යක්කුන්ගෙන් ආරක්ෂා වීමට නූලක් දුන් බවත් මහාවංසයේ සඳහන්ය. මෙහිදී විජය ඇතුලු පිරිසට හමුවන කුවේනිය මිනීකන අමනුස්ස යකින්නක් බවත් අතරමංවී ලංකාවට ආපු නාවිකයන්ව මෙහි සිටි යක්කුන්ට ගොදුරුව ඇති බවත් පැහැදිලිව සඳහන්ය. (මහාවංසය, 7.විජයාභිසේකය)
(16.) මනුස්ස වෙස් මවාගත් අමනුස්ස කුවේනිය සමග මුලදී විවාහ වුන විජය ඇය අමනුස්ස යකින්නක් නිසා දඹදිව ක්ෂත්‍රිය කාන්තාවන් ගෙන්වාගෙන නැවත විවාහ විය. මෙසේ කුවේනිය අත්හරින තැන විජයගේ කතාවෙන් මුලදී සක්‍රයාගේ කතාවෙන්ද පැහැදිලිවම විජයාගමනය වෙන විට ලංකාවේ මිනිසුන් නොසිටි බව හා අමනුස්ස යක්කු හිටපු බව කියවේ. මෙහිදී විජයට දාව අමනුස්ස කුවෙනිය දරුවන් දෙදෙනෙක් ලැබීමද සාමාන්‍ය සිද්ධියකි. බුද්ධ කාලයේ අමනුස්සයෙකුට දාව උපන් සේවකයෙක් පජ්ජෝත රජතුමාට සේවය කර තිබේ. කාක(කාක්කා) නැමති එම සේවකයාට දිනකට යොදුන් 60 ගමන් කල හැක. (විනයපිටක, මහාවග්ග, 207. පජ්ජොතරාජවත්ථු)
(17.) මෙසේ අමනුස්සයන් අරක්ගෙන පැවති ලංකාවේ විජයාගමනයෙන් පසුව සිංහල මනුස්ස වාසය ඇතිවිය. තවත් කාලයකට පසුව මහින්දාගමනයෙන් ලංකාවට බුදුදහම ලැබී සිංහල බෞද්ධයන්ගේ සම්භවය ඇතිවිය. මෙම ඉතිහාසය අනුව ලංකාවේ බුදුදහම හා සමාජ තත්වය දියුණුව පැවති අනුරාධපුර යුගය ආදී කාලයන් වල සිංහල බෞද්ධයන්ට මෙවැනි ගැටලු තිබුනේ නැත.
(18.) දැනට පැහැදිලිව ඉතිහාසගත සිංහල බෞද්ධ පැවැත්මට දායක වුන රජවරුන් අමතක කර මිත්‍යා ප්‍රබන්ධයක් වන රාවනා කතා ප්‍රචාරය කිරීමද මිසදුටු කුමන්ත්‍රණයකි. මෙලොව පරලොව කිසිම වැදගැම්මක් නැති අගක් මුලක් නොදන්නා සුරංගනා කතාවක් වන රාවනා කතන්දර තනිකරම සම්පප්‍රලාපයකි. මිත්‍යාදෘෂ්ටික ආගම් වල මෙන් සුරංගනා කතා සමාජගත කර බුදුදහම අභාවයට යැවීම මෙහි අරමුණයි. ධර්මය ලෝකෙන් අතුරුදහන් වෙන්නේ ධර්මයට මිත්‍යා කතා ආදේශ කිරීමෙන් බව බුදුන්වහන්සේ පැහැදිලිව දේසනා කලා. බුදුදහම නූගතුන්ට රාවණා කතාවල දඬුමොණරයත් අරුමයකි. ගෞතම බුදුසසුන පැවති කාලයේ හා කස්සප බුදුසසුන කාලයේද සැහැල්ලු දැවයෙන් ගුරුළන් වැනි ගුවන්යානා දහස් ගණන් සාදා ඒවායින් ගමන් කල අවස්ථා සඳහන්ය.
(19.) බෝධිරාජ කුමාරයා විසින් දක්ෂ වඩු ශිල්පියෙක් ලවා කෝකනද නැමති ප්‍රාසාදය නිර්මාණය කලා. පසුව ඒ වඩු ශිල්පියා තවත් එවැනි ප්‍රසාදයන් හදනවාට අකමැති නිසා වඩු ශිල්පියාව ඝාතනය කිරීමට තීරනය කර වඩු ශිල්පියා පලායාම වැලැක්වීමට මුරකරුවන් දැම්මා. ඒ බව දැනගත් වඩු ශිල්පියා කෝකනද ප්‍රාසාදයේම උඩු මහල් කාමරයක සැහැල්ලු දැවයෙන් ගුරුලකුට සමාන ගුවන් යානයක් හැදුවා. පසුව ඔහුගේ පවුලේ අයත් එහි ගෙන්වාගෙන පවුල පිටින්ම ගුරුලු යානය පදවාගෙන හිමාල පෙදෙසට ගිහින් එහි නගරයක් තනා කට්ඨවාහන රාජු (දැවවාහනරජු) බවට පත්විය.
(20.) අතීතයේ කස්සප සසුන කාලයේ දඹදිව දක්ෂ වඩු ශිල්පියෙකුට ගෝලයන් 16ක් සිටියා. එක ගෝලයෙකුට 1000 බැගින් අතවැසියො 16000ක් විය. මෙහි ප්‍රධාන වඩු ආචාර්යවරයා සැහැල්ලු දැවයෙන් කුරුල්ලෙකුට සමාන ගුවන් යානයක් හදා එහි නැගී පියාසර කර පෙන්නුවා. පසුව සියලු දෙනාම එවැනි දැව ගුවන් යානා හදාගෙන පවුල්වල අයත් සමග යානා 16017 කින් ආයුධ සන්නද්ධව හිමාලය දෙසට පියාසර කලා. ඔවුන් හිමාලයේ පිහිටි වෙනත් රටක රජ මාලිගාවට එකවර ගොඩබෑමෙන් පසුව ඒ රට අල්ලාගෙන හොඳින් පාලනය කලා. මේ බුදුසසුනේදී පරායන සූත්‍රදේසනාව ඇසූ බාවරී බ්‍රාහ්මණ ඇතුලු 16000කට අධික පිරිස ලෙස ඉපදී නිවන් අවබෝධ කලේ ඔවුන්ය.
(සුත්තනිපාත, 5. පරායනවග්ග, අට්ඨකතා)
සිංහල බෞද්ධ ඉතිහාසය ලෝකයේ සාමාන්‍ය, අසාමාන්‍ය හා අද්භුත කරුණු වලින් යුක්තය. බුදුදහමේ හරය කොහොමත් ලෝකයේ පෙර නොඇසූ ධර්මයකි. බුදුදහම අහවල් සම්මතයට අනුකූල වියයුතු යයි ලෝකයාට කිව නොහැකි නමුත් බුදුදහම ලෝකයට යහපත පමණක් කරන එකම ධර්මය බව තේරුම්ගත යුතුය.
සුදනන්ගේ පැහැදීම හා සංවේගය පිණිස ලියන ලද මහාවංසයේ කිසිම අගතියක් සිදුවී නැත. මෙහිදී පාලි අටුවා කතා වල එකම සිද්ධිය තව තැනක තරමක් වෙනස්ව සඳහන් වන අවස්ථා ඇතත් මහාවංසයේ එවැනි දෝෂයන්ද නැති බව පෙනේ. බුදුදහම විෂය වන්නේ සද්ධාව නැමති බීජය හා සද්ධාව නැමති ධනය තිබෙන අයටය. සද්ධා බීජය හා ධනය නැති නම් ධර්මයෙන් දියුණුවක් හෝ පලක් නොවන අතර දිනපතාම කුසලයෙන් පිරිහීමට පත්වේ. ධර්මය තමන්ට දරාගත නොහැකි වන්නේ සහ අදහාගත නොහැකි වන්නේ සද්ධාවේ හා බුද්ධියේ ඌනතාවය නිසා බව තේරුම්ගත යුතුය.෴
Saturday, February 8, 2020
ඉච්ඡ - අනිච්ඡ හා නිච්ච - අනිච්ච
ඉච්ඡ, අනිච්ඡ, නිච්ච, අනිච්ච, අච්ච, අච්චි, අච්ඡ, ජච්ච, කච්ඡ, අකච්ඡ, කච්චි, කිච්ඡ, කිච්ච, අකිච්ච, කුච්ඡි, තච්ඡ, තුච්ඡ, තෙකිච්ඡ, අතෙකිච්ච, ගච්ඡ, මච්ඡ, මච්ච, අමච්ච, මච්චු, අමච්චු, මිච්ඡා, මුච්ඡ, පච්ච, පුච්ඡ, පෙච්ච, නච්ච, ලච්ඡ, වච්ච, වච්ඡ, සච්ච, අසච්ච...
බුද්ධ දේසනාව කියවෙන පාලි භාෂාවේ වචන අතරින් "ච" යන්න සහ මහප්‍රාණ ච යන්න වන "ඡ" යන්න / ච්ච / ච්ඡ / ලෙස අගට යෙදෙන වචන රාශියක් ඇත. මේ සියලු වචන බුද්ධ දේසනාවේ ඉතාමත් පැහැදිලි හා නිශ්චිත විවිධ අරුත් වලට යෙදේ.
1. "ඉච්ඡ" යනු ඉච්ඡාව හෙවත් කැමැත්ත /ඕනකම යන තේරුමයි. උදාහරණ ලෙස "පාපිච්ඡා" යනු පාප+ඉච්ඡා = පාපයට කැමත්තයි. අප්පිච්ඡතා යනු අප්ප+ඉච්ඡතා = අල්පයකට කැමතිවීම හෙවත් අල්පේච්ඡ බවයි. මහිච්ඡතා යනු මහා+ඉච්ඡතා = මහා පරිමාණයෙන් ලැබීමට කැමති බවයි.
2. "ඉච්ඡ" යන්නෙහි මුලට අ යන්න යෙදීමෙන් අ+ඉච්ඡ = "අනිච්ඡ" ලෙස කියවෙන්නේ එහි විරුද්ධාර්ථය වන /අකමැති/ නුවමනා යන තේරුමයි. උදාහරණ ලෙස "අනිච්ඡමානො" යනු අකමැත්තෙන් යන තේරුමයි. "අනිච්ඡො හොති නිබ්බුතො" යනු කැමැත්ත / ඕනකම නැති බව නිවන වන බවයි.
3. "නිච්ච" යනු නිත්‍ය, ස්ථිර, වෙනස් නොවෙන, නිතරම එක විදිහට තියන, යන තේරුමයි. උදාහරණ ලෙස "නිච්චං ඛමති දුබ්බලො" යනු දුබලයා නිතරම ඉවසන බවයි. "නිච්චං කායගතා සති" යනු නිතරම කායගතා සතියෙන් සිටීමයි. "නිච්චං දළ්හ පරක්කමා" යනු නිතරම ස්ථිරව දැඩි පරාක්‍රමයෙන් යුක්ත බවයි.
"අභිවාදනසීලිස්ස, නිච්චං වුඩ්ඪාපචායිනො" යනු නිතරම වැඩිහිටියන්ට වන්දනාමාන කරන්නා යන තේරුමයි. "නිච්චං කායෙන සංවුතා" යනු නිතරම කය සංවර වීමයි.
4. නිච්ච යන්නෙහි මුලට අ යන්න යෙදීමෙන් "අනිච්ච" ලෙස එහි විරුද්ධාර්ථය වන, අනිත්‍ය, අස්ථිර, වෙනස් වෙන, නිතරම එක විදිහට නොතියන යන තේරුම ලැබේ. උදාහරණ ලෙස "ලොකෙ අනිච්චතං ඤත්වා" යනු ලෝකේ අනිත්‍ය/ වෙනස් වෙන බව දැනගෙන යන අරුතයි. "අනිච්චතං පත්තො" යනු අනිත්‍ය බවට පත්විය යන්නයි.
"කතමං තං රූපං රූපස්ස අනිච්චතා? යො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං – ඉදං තං රූපං රූපස්ස අනිච්චතා." = (රූපයේ අනිත්‍යතාවය යනු කුමකද? රූපයේ ක්ෂයවීම, වැයවීම, බිඳීයාම, සම්පූර්ණයෙන් බිඳීම, අතුරුදන් වීම, අනිත්‍යතාවයි.)
මෙම නිච්ච හා අනිච්ච යන වචන දෙක ඉතාමත් පැහැදිලිව ස්ථිර හා අස්ථිර යන අරුත් වලින් බුද්ධ දේසනා වල බහුලව යෙදී ඇත.
5. "අච්ච--" = අති, පසුව, ඉක්මවා. සිදුවී අවසන් වුන වරද අච්චය ලෙස හැඳින්වේ. (අච්චයං = පසු ගිය වැරදි. අච්චාසන්න = අති ආසන්න හෙවත් ඉතා ලඟ. අච්චගා = පසු කලා. අච්චේන්ති කාලා= කාලය ගෙවී යයි.)
6. "අච්චි" = ගිනි/පහන් දැල්ල.
7. "අච්ඡ" = පිරිසිදු, ලස්සන. අච්ඡං පත්තං= ලස්සන පාත්‍රය.
8. "ජච්ච"= ජාතිය. (න ජච්චා හොති බ්‍රාහ්මණො= ජාතියෙන් බ්‍රාහ්මණයෙක් නොවෙි.)
9. "කච්ඡ" = කතාව, කිහිල්ල, කැසපට, (කච්ඡො = කතා කලයුතු) සාකච්ඡා(ස+කච්ඡා) = කතා කිරීම.
10. "අකච්ඡ"= කතාවට නුසුදුසු.
11. "කච්චි" = කොහොමද?
12. "කිච්ඡ" = අමාරු
(කිච්ඡො මනුස්සපටිලාභො = මනුස්සත්වය ලැබීම අමාරුයි. කිච්ඡකාලෙ= අමාරු කාලයේ)
විචිකිච්ඡා = විචාරණයට අමාරු බව.
14 . "කිච්ච" = කටයුත්ත, (කතකිච්චො= කටයුතු කරන ලද, අප්පකිච්චො= කටයුතු අල්ප බව. කිච්චකරණීයානි= කලයුතු කටයුතු. පුරිසකිච්ච= පුරුෂ කෘත්‍ය.)
14. "අකිච්ච" = අකටයුත්ත. (අකිච්චං කරොති = අකටයුතු කරයි.)
15. "කුච්ඡි" = බඩ, උදරය, කුස.
16. "තච්ඡ"= ඇත්ත, සැසීම. (තච්ඡං අත්ථසංහිතං= ඇත්ත සහ අර්ථවත්, වාසීහි තච්ඡන්ති= වෑයෙන් සසියි.)
17. "තුච්ඡ" = හිස්
18. "තෙකිච්ඡ"= පිලියම් කරන.
19. "අතෙකිච්ච"= පිලියම් කල නොහැකි.
20. "ගච්ඡ" = යන්න, ගස. (ඡන්දාගතිං ගච්ඡන්තො= ඡන්දයෙන් අගතියට යන, ගච්ඡං චලන්තං= වලනය වෙන ගසක්, ගච්ඡා පුප්ඵිතා= මල් පිපුන ගස්.)
21. "මච්ඡ"= මාලු. (මහන්තං මච්ඡං= ලොකු මාලුවෙක්.)
22. "මච්ච"= මිනිස්. (කිච්ඡං මච්චාන ජීවිතං= මනුස්ස ජීවිතය අමාරුයි. ) එවං මච්චාන ජීවිතං=මනුස්ස ජීවිතය එහෙමයි.)
23. "අමච්ච"= ඇමති, සහායක, මහතා.
24. "මච්චු"= මාරයා, මරණය. (පමාදො මච්චුනො පදං= වල්මත්වීම මාරයාගේ පදයයි. සබ්බෙ භායන්ති මච්චුනො= හැමෝම මරණයට බයයි. මච්චුනො ආමිසං= මාරයාගේ ඇම.)
24. "අමච්චු"= මාරයාට හෝ මරණයට ගොදුරු නොවන.
26. "මිච්ඡා" = මිත්‍යා, මුලාවූ, වැරදි,
27. "මුච්ඡා" = සිහිනැති
28. "පච්චා/පච්ඡා"= පසුව. (පච්ඡා තපති දුක්කටං = වැරදි කර පසුව තැවේ. පච්චාගච්ඡතං = පසුපසින් යනවිට.)
29. "පුච්ඡ" = ප්‍රශ්න කිරීම
20. "පෙච්ච"= පරලොව
31. "නච්ච"= නැටීම. නච්චගීතවාදිත = නැටුම් ගැයුම් වැයුම්
32."ලච්ඡ"= ලැබීම. (ලච්ඡති ආරම්මණං= අරමුණක් ලබයි.)
33. "වච්ච"= වර්චස්, මලපහ. (වච්චකුටි= වැසිකිලිය)
34. "වච්ඡ"= වස්සා
35. "සච්ච" = සත්‍ය
36. "අසච්ච"= අසත්‍ය
ඉච්ඡ-අනිච්ඡ, නිච්ච-අනිච්ච, කච්ඡ-අකච්ඡ, කිච්ච/අකිච්ච, තෙකිච්ඡ-අතෙකිච්ච, මච්චු-අමච්චු, සච්ච-අසච්ච... යනාදී වචන වල මුලට අයන්න යෙදීමෙන් මුල් වචනෙ විරුද්ධාර්ථය ලැබේ.
ඉච්ඡ(කැමති) යන්නෙහි විරුද්ධ පදය වන අනිච්ඡ(අකමැති) යන්න බුද්ධ දේසනාවේ තැන් කිහිපයක පමනක් ඇති වචනයකි. එම නිසා අනිච්ඡ(අකමැති) යන වචනය නොදත් අය ඉච්ඡ(කමැති) යන්නෙහි විරුද්ධාර්ථය "අනිච්ච"(අනිත්‍ය) ලෙස වරදවාගෙන ඇත. නමුත් "අනිච්ච" යන වචනය හැදෙන්නේ "නිච්ච" (නිත්‍ය) යන වචනයේ මුලට අ යන්න යොදා "අ+නිච්ච" = "අනිච්ච" ලෙස "නිච්ච"යන්නෙහි විරුද්ධාර්ථය කීමටයි. "නිච්ච/අනිච්ච" (නිත්‍ය/අනිත්‍ය) ලෙස එකිනෙකට විරුද්ධාර්ථ ඇති සරල පැහැදිලි වචන දෙකක් පාලි/සිංහල බාසා දෙකේම තිබේ. එම නිසා "ඉච්ඡ" (කමැති) යන වචනය සහ "අනිච්ච" (අනිත්‍ය) යන වචනය අතර විරුද්ධාර්ථ සම්බන්ධයක් නැත. "යම්පි ඉච්ඡං න ලභති, තම්පි දුක්ඛං" හෙවත් "ඉෂ්ට දේ නොලැබීමත් දුකක්" යනුවෙන් "ඉෂ්ට දේ නොලැබීම" දුක ඇතිවීමට එක්තරා හේතුවක් ලෙස දුක්ඛ සත්‍යයේ දේසනා කර ඇත. පාලියෙන් "ඉට්ඨ"(ඉෂ්ට) සහ "අනිට්ඨ"(අනිෂ්ට) ලෙසත් කැමති/අකමැති බව කියවෙන අතර "ඡන්ද" යන වචනයෙන්ද කැමැති බව කියවේ.
මෙහිදී "ඉච්ඡාව" හෝ "ඡන්දය" සියලු දුකට මුල් වන බවද සත්‍යය. "ඡන්දො හි මූලං දුක්ඛස්ස" යනුවෙන් දුකට මුල ඡන්දය බව (භද්‍රක සූත්‍රයේ) දේසනා කර ඇත. "අනිච්ඡො හොති නිබ්බුතො" යනුවෙන් ඉච්ඡාව නැති බවට පත්වීම නිවන බව (නාලක සූත්‍රයේ) දේසනා කර ඇත. නමුත් "ඉච්ඡාව/ඡන්දය" සියලු දුකට මුල් වන්නේ "ඉච්ඡාව/ඡන්දය" හෙවත් කැමැත්ත ඇතිවන දේවල් අනිත්‍ය නිසාය. මෙහිදී කැමැත්තත් අනිත්‍ය දෙයකි. කැමැත්ත සහ කැමති වන දේවල් නිත්‍යව ස්ථිරව වෙනස් නොවී නිතරම එක විදිහට තියන දේවල් වුනා නම් ඒ කැමැත්ත දුකට මුල් වන්නේ නැත. ඒ අනුව කැමැත්ත ඇතිවීමටත් කලින් දුකට මූලික හේතුව වන්නේ "අනිච්ච" ලක්ෂණය හෙවත් ලෝකයේ අනිත්‍ය, අස්ථිර, වෙනස් වෙන, නිතරම එක විදිහට නොපවතින ස්වභාවයයි.෴

Subscribe to:
Posts (Atom)